පුවත්

නියමුවන් රටගිය පසු රටින් නියමුවන් ගේන සිවිල් ගුවන් ටිකිරි මොළේ!

Published

on

ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීම සඳහා අවසරය පතා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ගුවන් නියමුවන් මේ වනවිට වැල නොකැඩී විදේශ ගත වෙමින් පවතින බවත්, එයට හේතුව විදේශීය ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවමින් සිටින බවත් ඔහු පැවසීය.

එම වැටුප් , මේ රටේ ඔවුන්ට ගෙවන වැටුප් මෙන් පස්, හය ගුණයක් වැඩි බවත්, ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් පවතින බවද පැවසීය.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, පොදුවේ ලෝකයේ සියලුම එකම ආකාරයට ක්‍රියාත්මක වන අතර, එනිසා අපගේ ශ්‍රී ලාංකික ගුවන් නියමුවන්ට තවත් වෙන රටක වැඩ කිරීම ගැටලුවක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවුවද, අදාළ යෝජනාව සම්බන්ධයෙන් මේවන විට එම ක්ෂේත්‍රයෙහි දැඩි කතාබහට ලක්ව ඇති අතර එහි ප්‍රවීනයන් පෙන්වා දෙන්නේ්නේපියල්වලින් පඩිගෙවන ගුවන් නියමුවන් ආරක්‍ෂා කර නොගෙන ඩොලර් වලින් පඩිගෙවීමට විදෙස් රටවලින් ගුවන් නියමුවන් ගැනීම එම ගුවන් සේවා වසා දැමීම ඉක්මන් කරනු ඇති බවයි.

Trending

Exit mobile version