Connect with us

පුවත්

නියෝජ්‍ය කතා නායකගේ “විශේෂඥ්ඥ” කෑල්ල ගැන නලින්ගෙන් පැමිණිල්ලක්

Published

on

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට ඊයේ (16) පැමිණිලි කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා කියා සිටී.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නියෝජ්‍ය කථානායකවරයා විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටියත් ඔහු වෛද්‍යවරයකු පමණක් බව මේවන විට ඔප්පු වී ඇති බවයි.

එය ජනතාව රැවටීමකට පත් කිරීමක් බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර නියෝජ්‍ය කථානායකවරයා ඉකුත්දා තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබිණි.

ඔහු පවසන්නේ නායකත්වය කෙරෙහි විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට තමන් තරයේ විශ්වාස කරන බැවින් වෘත්තිය සුදුසුකම් විවෘතව බෙදාගැනීමට අදාළ සටහන එක් කළ බවයි.

අදාළ සටහන මෙසේ ය.

‘‘මම 1986 දී සම්පූර්ණ කරන ලද පාකිස්ථානයේ මුල්තාන්හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් MBBS උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලැරින්ගෝ ඔටෝරිනොලොජි (DLO) පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත්තෙමි. මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයෙක් වන අතර, වසර 38ක් වෛද්‍ය විද්‍යාව හැදෑරුවෙමි.

මගේ වෘත්තිය ජීවිතය ආරම්භ වූයේ රජයේ සේවයෙන් වන අතර, එහිදී මම පළාත් පුරා සහ කොළඹ විවිධ රෝහල්වල සේවය කළෙමි. වසර 12ක රාජ්‍ය සේවයෙන් පසු, පුළුල් ධාරිතාවයකින් ප්‍රජාවට සේවය කිරීම සඳහා මම සාමාන්‍ය වෛද්‍ය සේවයට මාරු වුණෙමි. මගේ සුදුසුකම් බෙදා ගැනීමෙන්, මා කෙරෙහි විශ්වාසය තබා ඇති ජනතාවගේ විශ්වාසය නැවත තහවුරු කිරීමට මම අරමුණු කරමි.’’

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණ කාලසීමාවේදී ප්‍රචාරක පත්‍රිකාවල තමන් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රචාරක පත්‍රිකා නිර්මාණය කරන පුද්ගලයන් විසින් බවයි. ඒවා දුටු මුල් අවස්ථාවේම එය නිවැරැදි කරන ලෙසත් බෙදා නොහරින ලෙසත් දැනුම් දුන් නමුත්, මැතිවරණ කාලසීමාවේදී මොනයම් හේතුවක් නිසා හෝ ඒවා බෙදා ඇති බවද නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සබැඳි පුවත්

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඩේටා දන්සැල් ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබේ.

සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද පොලීසිය එහිදී අනතුරු හඟවා ඇත.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවය.

ඒ අනුව මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා ඇත.

මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved