පුවත්

නිර්වින්දන එන්නත් හිඟයෙන් ශල්‍යකර්ම නවතී ද?

Published

on

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු lidocaine නිර්වින්දන එන්නත බොහෝ රෝහල්වලට ප්‍රමාණවත් තොග නොලැබීම නිසා සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

වෘත්තීය සමිති චෝදනා කරන්නේ, වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා බලයට පත් වී මාස අටකට අධික කාලයක් ගත වුවද බොහෝ ඖෂධවල හිඟය මේ දක්වා සමථයකට පත් කිරීමට අසමත්ව ඇති බවය .

මෙම නිර්වින්දන එන්නට ඉතා සුළු ශල්‍ය කර්මවල සිට ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සඳහා නිර්වින්දන කටයුතු සඳහා භාවිතා වන බැවින් අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු මෙම අවම නිර්වින්දන එන්නට පවා මේ වන විට රෝහල් පද්ධතිය තුළ නොමැති වීම බරපතල තත්ත්වයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව පෙනී යයි.

මේ වන විට ඖෂධ 100කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින අතර රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීමේ කටයුතු ද ඉදිරි කාලයේදී ඖෂධ කිහිපයකට පමණක් සීමා කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version