Connect with us

පුවත්

නිර්වින්දන වෛද්‍යවරයෙක් රිමාන්ඩ් කෙරේ

Published

on

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කර ඇත.

තීරුබදු බලපත්‍ර වලට විදේශ වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.

එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙලෙන බවයි.

ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පුවත්

607 දෙනෙකුට නීතිපතිගෙන් අධිචෝදනා!

Published

on

By

මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගතවූ මාස පහ තුළ නීතිපතිවරයා විසින් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ තැනැත්තන් 607 දෙනකුට අධිචෝදනා මත මහාධිකරණයේ නඩු පවරා තිබේ.

මේ නඩු අතර හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, නාමල් රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, රවි කරුණානායක, යෝෂිත රාජපක්ෂ, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් ද වන බව වාර්තා වේ. 

Continue Reading

පුවත්

දුන්හිඳ බස් අනතුරෙන් 03ක් මියයයි

Published

on

By

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) සවස 06ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

අනතුරෙන් පුද්ගලයන් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා ගමන්කරමින් සිටි වන්දනාකරුවන් පිරිසකි. ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ.

බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.  දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.

අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

(ඡායාරූපය : Accident1st)

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved