Connect with us

පුවත්

නිරිඇල්ල, ආණ්ඩුවේ සායම ජනපති ඉස්සරහම යවයි

Published

on

රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපති ධුරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වන බව ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19) පැවති රාජ්‍ය නාට්‍ය ස්වර්ණ ජයන්ති සම්මාන උළෙලේදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

මෙලෙස ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ නාට්‍ය කීර්ති සම්මානය පිරිනැමීම සඳහා නාට්‍ය උපදේශක මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාගේ නම ඉන් ඉවත් කිරීමට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා හසන්ති ගුණවර්ධන කටයුතු කිරීමය. 

එම නම කපා හැර ඇත්තේ උපදේශක සභාව ද කිසිදු දැනුවත් කිරීමකින් තොරව ය.

සභාපතිවරයාගේ ඉවත් වීමත් සමග උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ ද ඉන් ඉවත් වෙමින් සිටිති.

සාමාජිකත්වයෙන් ඉවත් වන බව එහි සාමාජික පූජිත ද මෙල් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකාවට ලිඛිතව දැනුම් දී තිබේ.

මහරගම තරුණ සේවා සභාවේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලේදී පරාක්‍රම නිරිඇල්ලයන් මෙලෙස කීවේය.

‘‘කලාවට අතහිත දීමේ සහ සත්කාර කිරීමේ ප්‍රතිපත්තියක් රජයට නොමැති වීමේ ඛේදනීය තත්ත්වය නිසා කලාකරුවන් පීඩනයට පත් වෙනවා. උපදේශක මණ්ඩලය කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළයි. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්ටත් නාට්‍යෙව්දී කලයි චෙල්වම් මැතිතුමන්ටත් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමන්ටත් ජීවිතයේ එක් වරක් ලැබෙන සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතියට කළ මෙහෙය අගයා පිරිනැමිය යුතු යැයි රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය යෝජනා කළා. අපේ යෝජනාව අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවගේ අත්සනින් මේ තිදෙනාට ම නොවැම්බර් එකොළොස් වැනිදාතමින් ආරාධනා ලිපි යවා තිබෙනවා. ඉන් පසු නැවතත් එම අධ්‍යක්ෂිකාවගේ අත්සනින් යුතුව නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතාට ලබන වසරේ සම්මානය දෙන බවට දන්වා යවා තිබෙනවා. කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව දැනුවත් කළා ද?. මේ ගැන දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමේ දී දැනගැනීමට ලැබුණේ ඇමැතිවරයාගෙන් ලැබුණු නියෝගයක් අනුව මේ වෙනස සිදු කළ බව යි . මෙවැනි සිද්ධියක් මේ රටේ නෙමෙයි මේ ලෝකෙ කොහෙවත් සිදු වී තිබෙන බවක් මම අහලා නැහැ. මේක නාට්‍ය කලාවට මෙහෙවරක් කළ නාට්‍යකරුවකුට කළ අගරුවක්. එය රාජ්‍ය නාට්‍ය උළෙලේ පනස් වැනි සංවත්සරයට සිදු කළ මකා දැමිය නොහැකි කිළුටක්. ඇමැතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් අවශ්‍ය ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කළ හැකි නම් මම සහ අපි මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවා. ‘‘

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved