පුවත්

නිරෝෂා විරාජිනී බලන්න ගෙට රිංගූ තරුණයා රිමාන්ඩ්

Published

on

ජනප්‍රිය ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනිගේ මාලබේ ප්‍රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.

මාලබේ පොලීසිය මඟින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක තැනැත්තෙකි. 

මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම ගායන ශිල්පිනියගේ නිවෙසට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශනයක් කළ මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Trending

Exit mobile version