පුවත්

නිලධාරි හිඟයෙන් පොලිස් කොමිසමේ පැමිණිලි විභාග කිරීමට බාධා

Published

on

පොලිස් නිලධාරින්ගෙන් ලැබුණු අභියාචනා ඇතුළු පැමිණිලි 12000 කට අධික සංඛ්‍යාවක් නිලධාරී හිඟය හේතුවෙන් ජාතික පොලිස් කොමිසමේ ගොඩගැසී තිබේ.

පොලිස් කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ, රාජ්‍ය සේවා කොමිසමට පොලිස් නිලධාරින් යොමු කර තිබූ පැමිණිලි ගොනු රැසක් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග යළිත් පොලිස් කොමිසමට යොමු කළ බවයි.

එහෙත් ඒ වනවිට පොලිස් කොමිසමේ සිටිය යුතු නිලධාරින් සංඛ්‍යාවෙන් අඩක පමණ පිරිසක් විශ්‍රාම ගන්වා තිබූ බව එම නිලධාරියා පැවසුවේ ය.

මේ වනවිට පොලිස් කොමිසමේ සිටින්නේ නිලධාරින් 70 කට අධික පිරිසකි.

එහෙත් සිටිය යුතු පිරිස 150 ක් පමණ වෙයි.

මේ තත්ත්වය මත නිලධාරින් බඳවා ගැනීමට අවසර දෙන්නැයි අවස්ථා කිහිපයකදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ඊට ලැබී නොමැති බව පොලිස් කොමිසම පැවසුවේ ය.

පොලිස් නිලධාරීන් යොමු කළ අභියාචනා අතර ස්ථාන මාරු,උසස් වීම් හා සේවය හැර ගොස් යළි පොලිසියට ඇතුළු වීමට අවසර ඉල්ලා යොමු කළ අභියාචනා ද වන බව පොලිස් කොමිසම පැවසුවේ ය.

(නිවුස්රේඩියෝ)

Trending

Exit mobile version