පුවත්

නිලන්තට ලොකු පුටුවක් දීම ගැන කතෝලික සභාවේ අප්‍රසාදය

Published

on

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ  පවසති.

පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීම හා එම තනතුරෙහි ස්ථිර කරන්නට කටයුතු කරමින් සිටීම ගැන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් ඇතුළු කතෝලික සභාවේ අප්‍රසාදය පළ කරන බව ද පියතුමෝ සඳහන් කළහ.

කොළඹ අගරදගුරු මැදුරේදී අද (9දා) පැවති මාධ්‍ය හමුවක දී සිරිල් ගාමිණී  පියතුමෝ මේ බව පැවසුහ.

(ලංකාදීප)

Trending

Exit mobile version