පුවත්

නිල්වලා ගඟේ ගල් බැම්ම උතුරා යාමේ අවදානමක්

Published

on

කළු, නිල්වලා සහ ගිං ගංඟා තවදුරටත් මහ ගංවතුර මට්ටමේ පවතියි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කිරිඇල්ල, මිල්ලනිය, ඉංගිරිය,හොරණ,දොඩංගොඩ,බුලත්සිංහල,පාලින්දනුවර සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය වනු ඇති බවයි.

නිල්වලා ගඟේ ගල් බැම්ම උතුරා යාමේ අවදානමක් ද මතුව තිබේ.

අත්තනගළු ඔය සුළු ගංවතුර මට්ටමෙත් තවදුරත් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි.

Trending

Exit mobile version