Connect with us

පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑල වෙත

Published

on

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි.

ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික්ක මට්ටමින් අපිට ලැබීමට නියමිතයි. ඒ ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම බේදාදීමට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට 29 වනදා වෙනතුරු කාලය තියෙනවා. ඒ අතර කාලය තුළ අප්‍රේල් 20 විශේෂ බෙදීමේ දිනයකුත් දාලා තියෙනවා මොකද මේවා ගෙදර ඉන්න කෙනෙක්ට අත්සන් කරලා භාර දෙන්න ඕනේ වැදගත් ලියවිල්ලක් නිසා. එතකොට කවුරු හෝ කෙනෙක් ගෙදර ඉදලා අත්සන් කරලා භාරගන්න රැඳී සිටින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ 29 වනදායින් පස්සේ ඡන්ද පත්‍රිකා බෙදන්න බැරි වුණ කොටසක් තියෙන්නේ පුළුවන් ඒ ප්‍රමාණය අපිට ආසන්න තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ පහසුකම දීලා තියෙනවා.”      

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටු තැපෑල වෙත භාරදීම ඊයේ  දිනයේ දී සිදු කෙරුණි.

දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බව රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බව ද සඳහන්ය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved