පුවත්

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙයි

Published

on

නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කලේය.

කිසියම් කෙනෙකුට වෛද්‍ය හේතූන් මත නිවාඩු ලබා ගැනීමට අවශ්‍යනම් ඒ ප්‍රදේශය බාර නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය මත නිවාඩු ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු පැවසීය.

අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 03වන දා සිට ආරම්භ කිරීමට නියමිත අතර සැප්තැම්බර් මස 08වනදා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා දීමේ මධ්‍යස්ථාන ආශ්‍රීතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, හත් ලක්ෂ 12,319කි.

තැපැල් ඡන්ද දායකයින්ට මෙවර ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශය කිරිම සඳහා සැප්තැම්බර් 4,5 සහ 6 තෙදින තුළ අවස්ථාව හිමිවේ.

Trending

Exit mobile version