පුවත්

නිල නියෝගය ලැබෙන තුරු කංසා වැටලීම් අණ්ඩඛව සිදු කරනවා – පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය

Published

on

කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරිම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසයි.

කංසා බෝගය අපනයනය සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පසුගිය දා ඉදිරිපත් කළ අයවැය මඟින් යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් අදාළ යෝජනාව සම්මත වීමකින් පසු යම් නිර්දේශයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් නතර කිරිමේ හැකියාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පෙන්වාදෙයි.

අපනයන යෝජනාවක් සිදුකර ඇති පසුබිමක මේ දිනවල සිදුකරන කංසා වගා වැටලීම් හා ගිනිතබා විනාශ කිරීම් සම්බන්ධව විවිධ පාර්ශව විමසීම් සිදුකරන බව එම කාර්යාංශය සඳහන් කරයි.

එමෙන්ම අදාළ බෝගයේ අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කිරීමට යෝජිත විශේෂඥ කමිටුවක් හෝ ඒ පිළිබඳ නිල නියෝගයන් ප්‍රකාශයට පත් වී නොමැති වුව ද මේ පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ ඔස්සේ සංසරණය වන බවට ද වාර්තා වී තිබේ.

කෙසේවෙතත් අදාළ වාර්තා මුළුමනින්ම සාවද්‍ය වන අතර වැටලීම් ක්‍රියාවලිය මන්දගාමී කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පැවසුවේය.

Trending

Exit mobile version