නිල නිවාස අද(30) දිනය තුළ භාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි අනුව එම පියවර ගන්නා බවය.
හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය රජයේ අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිල නිවාස සංඛ්‍යාව 28කි.
නිල නිවාස යළි භාරදිමේදී ඒවායේ විදුලි හා ජල බිල්පත් පියවා භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දි ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.