පුවත්

නිව් ඩයමන්ඩ් – එක්ස්ප්‍රස් පර්ල් අනතුරු ගැන හොයන්න විශේෂ කාරක සභාවක්

Published

on

අද (06) පාර්ලිමේන්තුවේ දී නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව විමර්ශනය කිරීම සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නම් කර ඇති බව කථානායකවරයා සඳහන් කර සිටියේය.

ආචාර්ය සුරේන් රාගවන්, ඩයනා ගමගේ, මහාචාර්ය ජී.එල් පීරිස්, නීතිඥ රවුෆ් හකීම්, විජිත හේරත්, ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නිමල් ලන්සා, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරුන් මෙහි සෙසු සාමාජික සාමාජිකාවන් වේ.

Trending

Exit mobile version