Connect with us

පුවත්

නිවාස යටවූ 15,000ක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල

Published

on

අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් එක් ලක්ෂ 39,934 ක පුද්ගලයින් හාර ලක්ෂ 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවය.

වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 ක් වන අතර පූර්ණ නිවාස හානි, 100 ක් සිදුව තිබේ.

අර්ධ නිවාස හානි සංඛ්‍යාව, 2379 කි.

මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකිය.

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ, මීටර 2.5 ත් 3 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පවතින්නේ, වැසි රහිත කාලගුණයකි.

පුවත්

මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම මළසිරුර සොයාගත් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Published

on

By

අද (27) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

චීනය හා ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන සේවයක් අරඹයි

Published

on

By

චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.

එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.

එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්‍රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved