ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.
මියයන විට ඔහු 47 වන වියේ පසුවිය.
රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවාස සංකීර්ණයේ 7 වන මහලෙන් ඔහු මෙසේ බිමට වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
සඳරත්න මහතා සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේය.