සාලියවැව පොලිස් වසමට අයත් නිළබැම්ම ප්‍රදේශයෙ වගා බිමක් තුළ ඇතෙකු හදිසියෙ මරණයට පත්ව ඇති සිටියදී සොයාගත් බව කරුවලගස්වැව අඩවි වනජීවි නිළධාරී කාර්යාල පවසයි.
අද (22) අලුයම් කාලයෙ මෙම හස්තියා මරණයට පත්වි ඇති බවට සැක කරන බව වනජීවි නිළධාරීන් පවසයි.
හදිසියෙ මරණයට පත්වු හස්තියා අවුරුදු 25 කට ආසන්න බවද අඩි දෙකකට වැඩි දිගකින්යුත් දළ යුගලක් ඇති බව වන ජීවි නිළධාරීන් කියා සිටී.
මේ ඇතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවට වන ජීවී නිලධාරීන් සැකකරති.
ඇතා වැටී සිටි තැනට ආසන්නයේ විදුලි කම්බියක් ඇද තිබූ බවට සලකුණු ඇතැයි ද ඔවුහු කියා සිටිති.
අදාල ඇත් මරණය සම්බන්ධයෙන් වනජීවි පශුවෛද්‍යවරයා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමට නියමිතය.
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2023/10/WhatsApp-Video-2023-10-22-at-5.23.16-PM.mp4
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2023/10/WhatsApp-Video-2023-10-22-at-5.23.15-PM-1.mp4
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2023/10/WhatsApp-Video-2023-10-22-at-5.23.15-PM.mp4
https://sinhala.srilankamirror.com/wp-content/uploads/2023/10/WhatsApp-Video-2023-10-22-at-5.23.14-PM.mp4