පුවත්

නිළි සනෝජාගේ ලයිට් බිලක් ගණිකා නිවාසයක!

Published

on

මහනුවර අනිවත්ත හංසවිලා නැමැති නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බවට සැකකෙරෙන ජනප්‍රිය නිළි සනෝජා බිබිලේව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත කැඳවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නිවසේ විදුලි බිල්පත නිළි සනෝජා බිබිලේගේ නමට ඇති බවට හෙළිවීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version