පුවත්

නීතිපතිගේ කාලය දිගු කිරීමට ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

Published

on

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණි.

එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති අතර අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති බව සඳහන් ය.

ඒ අනුව අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළේය.

අවස්ථා දෙකක දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගෙන එය කල් දැමුණි.

ඒ අනුව අද අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා විය.

නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version