Connect with us

පුවත්

නීති කැඩුවොත් මාධ්‍ය ආයතනවලට වෙන දේ

Published

on

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන අනුව ක්‍රියා නොකරන මාධ්‍ය ආයතනවලට නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනාවද නැද්ද පිළිබඳව තීරණය ගැනීමේ අවස්ථාව මැතිවරණ කොමිසන් සභාවට ඇති බව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමය ‘නිදහස් හා සාධාරණ මැතිවරනයක් සඳහා ජනමාධ්‍යයේ කාර්යභාරය’ මැයෙන් කොළඹදී ඊයේ (12) පැවැත්වූ විශේෂ සම්මන්ත්‍රණයේදීය.

මාධ්‍ය ආයතනයක් මැතිවරණ කොමිසම දෙන උපදෙස්වලට එරෙහිව කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට පෙර කළ හැකි පියවර ඕනෑ තරම් ඇති බවත් එහිදී කොමිසම පවත්වන මාධ්‍ය හමුවලින් ඉවත්කිරීම, තොරතුරු නොදීම සහ ඔවුන්ගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම වැනි පියවර අනුගමන කළ හැකි බවත් රත්නායක මහතා සඳහන් කලේය.

ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය උපමාන සම්බන්ධ ගැටලු ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන් පස්දෙනෙක් කොමිසමට කැඳවා උපදෙස් දුන් බවත් එහිදී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම නොව මෙහිදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුත් කළ බවත් ඔහු පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යන නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සියලුම මාධ්‍ය ආයතන ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී ජනාධිපති ධූර අපෙක්‍ෂකයන් සඳහා වෙන්කරන කාලය දිනපතා විමසීමට ලක්කරන බවත් පුවත්පත් සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලුම ජනමාධ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිසම දැඩි අධීක්‍ෂණයෙන් කටයුතු කරන බවත් එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved