පුවත්

නීති බිඳින රියදුරන්ට දැන් දඩ කොළය නිවසටම

Published

on

පරිශීලනය සඳහා ඉතා පහසු තාක්ෂණික වැඩිදියුණු කිරීම් රැසකින් සපිරි නව රථවාහන වැරදි කළමනාකරණ මෘදුකාංගයක් අද (21) දින සිට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් CCඨ්V කොට්ඨාසයේදී එළි දක්වා තිබේ.

ඒ අනුව, නිසි පරිදි මාර්ග නීති පිළිපදිමින් රිය නොපදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දින සිට එම මෘදුකාංගය පොලිස් සමීප රූප අවේක්ෂණ (CCඨ්V) කොට්ඨාසය තුල භාවිතා කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

එම මෘදුකාංගය ඵ්‍රිමෙ මනගෙමෙන්ට් සෙර්විcඑස් (ඵ්ව්ට්) ළ්ට්ඩ් ආයතනයේ දායකත්වය මගින් පොලීසිය වෙත ලබා දී ඇත.

කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCඨ්V කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2024 වසරේ පෙබරවාරි මස පළමුවන දා සිට ආරම්භකර ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, මේ දක්වා එසේ දර්ශනය වූ රථ වාහන වැරදි 12,918 ක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් අදාළ මාර්ග නීති කඩකිරීම් සිදුකළ රියදුරන් පදිංචිව සිටින පොලිස් වසම අයත් පොලිස් ස්ථාන වෙත අදාළ වැරැද්ද දැක්වෙන වීඩියෝව සමඟ චෝදනා පත්‍ර යොමුකර තිබේ.

මෙම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙම නව මෘදුකාංගයක යොදාගත් බව පොලිස් මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

Trending

Exit mobile version