Connect with us

පුවත්

නීති විද්‍යාලයේ වාර්ෂික පොත් ප්‍රදර්ශනය මාර්තු 17 සිට

Published

on

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂිකව පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මේ මස 17 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය.

නීතිය, අධ්‍යාපනය, කලාව සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් යාවත්කාලීන පොත් දහස් ගණනක් මෙවර පොත් ප්‍රදර්ශනයට එක්කෙරෙනු ඇත.

දේශීය මෙන් ම විදෙස් පොත්පත් අළෙවි කුටියක් ද සිය සහභාගීත්ය තහවුරු කර තිබේ.

මෙරට ප්‍රධාන පොත් ප්‍රකාශකයන්ගේ සහභාගීත්වයෙන් මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධානය කර ඇති අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ලේඛකයන් රැසකගේ පොත්පත් එකම ස්ථානයෙන් ලබා ගැනීමේ අවස්ථාව මෙවර ප්‍රදර්ශනයෙන් පාඨකයාට අවස්ථාව හිමිවේ.

නීති සිසුන්, නීතී වෘතිකයන්, පර්යේෂකයන්, ශාස්ත්‍රඥයන් ඇතුළු පාඨකයන් ඉළක්ක කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය එළඹෙන 17වන දා පෙ.ව 10.00ට විවෘත වී පුරා දින හතරක් පැවැත්වීමට නියමිතය.

පෙ.ව. 09.00 සිට ප.ව 05.00 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කර තිබේ.

මෙරට නීති සාහිත්‍යයේ උන්නතිය අපේක්ෂාවෙන් පවත්වනු ලබන මෙම පොත් ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අභ්‍යන්තර හා බාහිර සිසුන්, ආදි විද්‍යාර්ථීන්, රාජ්‍ය, පෞද්ගලික හා විදෙස් විශ්වවිද්‍යාලවල නීති සිසුන්, නීති වෘතිකයන්, පාසල් සිසුන් ඇතුළු සියලු පාඨකයන්ට නීති ශිෂ්‍ය සිංහල සංගමය ආරාධනා කරයි.

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

මෙම නෞකාවේ ආගමනය පිළිබඳ වාර්තා වූ තොරතුරු අතර වූයේ යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 10ක් අහිමිවනු ඇති බවය.

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමට පැමිණි සේනාධිපති පිටව යයි (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 23 ප.ව.3.13 )

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Published

on

By

සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවය.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved