පුවත්

නීති විද්‍යාල විභාගේ ඉංග්‍රීසියෙන් තියන්න ගෙනා යෝජනාව පරාදයි!

Published

on

නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණි.

ගැසට් නිවේදනයට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය.

නීති විභාගයන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට අදාළ ගැසට් නිවේදනය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කිරීමත් සමග අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගත්තේය.

Trending

Exit mobile version