පුවත්

නීති විරෝධි බීඩි කොළ 1236ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Published

on

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (26)දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ 1236ක් පමණ තොගයක් සමඟ සැකකරුවන් 02ක්, කැබ් රථයක් හා ලොරි රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කටයුතු කර ඇත.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව,වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.

මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා සමඟ බීඩි කොළ කිලෝග්‍රෑම් 1236ක තොගය, කැබ් රථය හා ලොරි රථය ඉදිරි නිතිමය කටයුතු සදහා මදුරන්කුලිය පොලිසිය වෙත භාරදීමට නියමිතය.

(මුලාශ්‍රය – navy.lk)

Trending

Exit mobile version