Connect with us

පුවත්

“නීති විරෝධීව ඉන්දීය ධීවරයන් ඒමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතුයි”

Published

on

ඉන්දියානු ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමින් විසඳා ගත යුතු බව ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. 

ඔහු මේ බව සඳහන් කළේ ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගත් තීරණයක් ලෙස ඉන්දියානු ධීවර යාත්‍රා සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙසට නාවික හමුදාවේ අදාළ අංශ වෙත දෙන ලද දැනුම් දීම පිළිබඳ ‍කාරක සභාව මෙහිදි විමසා සිටියේය. එහිදි අදහස් දැක්වූ නාවික හමුදා නිලධාරීන් සඳහන් කළේ ලද උපදෙස් අනුව අත්අඩංගුවට ගැනීම් ප්‍රමාණය වැඩි කළ අතර මේ වන විට අනවසරයෙන් පැමිණෙන ඉන්දියානු ධීවර යාත්‍රා ප්‍රමාණය තරමක් අඩුවී ඇති බවයි. 

මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම ගැටළුව විසඳීම නාවික හමුදාවට පමණක් සිදු කළ නොහැක්කක් බවයි. මේ පිළිබඳ මෙරට දේශපාලනඥයන් දකුණු ඉන්දිය දේශපාලනඥයන් සමග රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමෙන් ගැටළුව විසඳා ගත යුතු බවට අදහස් පළවූ අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ, ජාති හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව අදාළ ප්‍රදේශ නියෝජනය කරන සියළු මන්ත්‍රීවරයන් එක්ව කටයුතු කළ යුතු බවටද තීරණය විය. 

නැගෙනහිර මුහුදේ මාලු දැල් කපා මසුන් රැගෙන යාම සම්බන්ධ ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධවද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කාරක සභාවේදී පෙර දැනුම් දුන් පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මේ පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මේ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් දිගටම සිදු කරන බවයි.

මෙරට මත්ස්‍ය අස්වැන්න සුලබව ලැබෙන කාලවලදී ලංකා ධීවර සංස්ථාව මගින් මාලු මිලදීගෙන ගබඩා කොට ජනතාවට සහන මිලට ලබාදිමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙස මන්ත්‍රීවරු මෙහිදී යෝජනා කළහ. 

ඒ අතරම කල්මුණේ රේඩියෝ මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. කල්මුණේ රේඩියෝ මධ්‍යස්ථානයට නව රේඩියෝ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පෙර කාරක සභාවකදී ලබා දෙන ලද උපදෙස් ක්‍රියාත්මකවීම සම්බන්ධව සභාපතිවරයාගේ අවධානය යොමු විය. එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ එක් යන්ත්‍රයක් සවි කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරමෙින් පවතින බවයි. එමෙන්ම තවත් රේඩියෝ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග ලෙසද ලබන වසරේදී යන්ත්‍ර තුනක් ජපානයෙන්ද ලැබීමට නියමිත බවයි. 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved