Connect with us

පුවත්

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් හසුවෙයි

Published

on

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් විය.

එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණේ මාතලේ ප්‍රදේශයේදීය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී.අම්පාවිල යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.

එකලස් කරන ලද වාහන 8ක් සැකකරු සන්තකයේ තිබී හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවට පොලීසිය සැක පළකරනු ලබයි.

ඒ, අතරින් වාහන 06 භාවිතයට ගතහැකි මට්ටමේ පවතින අතර වාහන දෙකක් පවතින්නේ අබලන් තත්ත්වයකය.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී,  පිළියන්දල ප්‍රදේශයේ සඟවා ඇති තවත් වාහනයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර එහි චැසි අංක, එන්ජින් සියල්ල වෙනස් කර ඇති බවද අනාවරණය වී තිබේ.

මේ අතර සැකකරු සමග ක්‍රියාත්මක වන ජාලයක් පවතින බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර, මූල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක්ද ඊට අයත් වේ.

එකලස් කරන වාහන මිලදී ගන්නා ගැණුම්කරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදී ඇත්තේ ඔහු විසින් බව පොලීසිය පවසයි.

මෙතෙක් සොයාගැනුණු වාහනවල වටිනාකම රුපියල් කෝටි 05කට අධික වන බවයි සදහන් වේ.

සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved