පුවත්

නීතීඥයාගේ සුනඛයාට වසදී මැරූ නීතීඥවරියට ඇප දෙයි!

Published

on

නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවත පදිංචි නීතිඥවරියක වූ දිලිනි විජේසිංහ මහත්මියයි. 

ඉකුත් 12 වැනිදා නීතිඥ පත්මික මහනාම මහතා විසින් කහතුඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ සවි කර තිබූ සීසීටීවී දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශන වලදී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථය ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

එකොළොස් වැනි දින රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට විසි කරන අයුරු හා විසි කල එම දේවල් සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් සිසීටීවී කැමරාවේ සටහන් වි තිබිනි.

හිටි හැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා ව පසු වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබිණි.

නඩුව එළඹෙන ජූලි 6 වෙනි දින නැවත කැඳවීමට නියමිතය.

Trending

Exit mobile version