පුවත්

නීතිපතිගේ සේවා දිගුව යළි ව්‍යවස්ථාදායක සභාවට !

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි “සිළුමිණ” පුවත්පත වාර්තා කර ඇත.

මේ අනුව ඉදිරියේදී සංජය රාජරත්නම් මහතාට මාස 6 ක කාලයක් සේවා දිගුවක් ලබාදීම වෙනුවෙන් වන නිර්දේශය ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යළි යොමු කරනු ඇතැයි ද එහි දැක්වේ.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා විසින් එක ලිපියකින් මෙයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කිරීමට නියමිත බවද පැවස‍ේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිගේ නිර්දේශය මත අගවිනිසුරු නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුවද එය 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය. 

නැවතත් 21 වෙනි සංශෝධනය යටතේ 19 වෙනි සංශෝධනයේ වගන්තියම ඇතුළත් කර තිබේ. 

ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද පැවසේ.

Trending

Exit mobile version