Connect with us

පුවත්

නුවරඑළියට ආ නව නීතිය ඊයේ සිට ක්‍රියාත්මකයි

Published

on

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (01) සිට සීමා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් මෙම තීරණය ගෙන ඇත.

ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය සමඟ සාකච්ඡා කර  නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත්කිරීමටද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක 38/16/01-06-1978 දරන ගැසට් නිවේදනය මගින් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අංක 154614/01-09-1998 දරණ ගැසට් නිවේදනය මගින් නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් ලෙස  ප්‍රකාශයට පත්කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එහි සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධනය, ප්‍රදේශය තුල පැතිරුණු අඩු පහසුකම් සහිත ජනාවාස,ප්‍රමිතියෙන් තොර පානීය ජල මූලාශ්‍ර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම  සහ නිසි කාණු පද්ධතියක් නොමැතිකම වැනි කරුණු හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

එය ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවකි.

එබැවින් නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙන සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරී මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්යාත්මක සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරනු ලැබේ.

(අද)

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved