Connect with us

පුවත්

නුවරදී ගුටි කෑ බොක්සිං ක්‍රීඩකයා දැන් කුඩ්ඩෙක්; ගැහුවෙ පාතාලෙන්

Published

on

මහනුවර රෝහල් පටුමඟේදී හිටපු බොක්සිං ක්‍රීඩකයකු පැහැරගෙන ගොස් යකඩ පොලුවලින් පහරදී හන්තාන සුළං කපොල්ල අසල ක්‍රීඩාංගණය අසල දමා යෑමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු ලෙස කලක් ප්‍රකටව සිටි පහර කෑමට ලක්වූ 22 හැවිරිදි තරුණයා මත්කුඩු ග්රෑම් 10ක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතක ඇප ලබා නිදහස්ව පැමිණ තිබෙන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු රසපරීක්ෂකට යොමු කිරීමෙන් පසු එහි වාර්තාව මීට දින කිහිපයකට පෙර පොලිසියට ලැබී ඇති අතර, එහි ශුද්ධ මත්කුඩු ග්රෑම් 08ක් තිබූ බවට තහවුරු වී තිබේ.

අදාළ නඩුවේ තීන්දුව ලබන මස මහනුවර මහාධිකරණයේදී ලබා දීමට නියමිත බවද දැන ගන්නට ඇත.

මේ තරුණයා පසුගියදා (12) පස්වරු 8.00ට පමණ මහනුවර රෝහල් පටුමඟේ පිහිටි ඔහුගේ නිවෙස ආසන්නයේදී ත්‍රිරෝද රථයක පැමිණි සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් තිබේ.

හන්තාන කඳු මුදුන ආසන්නයේ ඇති සුළං කපොල්ල ක්‍රීඩාංගණයේ දමා ගොස් තිබියදී සොයා ගන්නා විට පහර දීමෙන් තරුණයාගේ පාද දෙක හා අත්වල ඇඟිලි බිඳී ගොස් තිබුණු බව ඔහුගේ ඥාතීහූ පවසති. ඔහුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල කිහිපයක් ද දක්නට ලැබෙන බව ඔවුහු පවසති.

තම පුතා නිවෙසේ නිදා සිටියදී යතුරුපැදියක ගැටලුවක් ගැන කතා කරන්නට කිසියම් පුද්ගලයකු පැමිණි බවත් ඔහු සමඟ නිවෙසින් පිටතට පැමිණි පුතාට ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් පහරදී එක් ත්‍රිරෝද රථයකට නංවාගෙන රැගෙන ගිය බවත් අදාළ තරුණයාගේ මව පවසයි.

ත්‍රිරෝද රථයෙන් පැහැරගෙන ගිය පුතා මහනුවර නගරය පුරා සෙව්වත් හමු නොවුණු බවත් පසුව හන්තාන සුළං කපොල්ල ක්‍රීඩාංගණයේ දමා ගොස් සිටියදී ඔහු හමු වූ බවත් තරුණයාගේ ඥාතියෙක් ප්‍රකාශ කළේය.

පහර කෑමට ලක්වූ තරුණයාගේ පියා කලකට පෙර මියගොස් ඇත.

ඔහුගේ මවට ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තුනක් විභාග වන බව පොලිසිය පවසයි.

මේ තරුණයාගේ සහෝදරයකු හා සහෝදරියක ද මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ තිබේ.

කලකට ඉහත දක්ෂ බොක්සිං ක්‍රීඩකයකු වූ පහර කෑමට ලක්වූ තරුණයා ක්‍රීඩකයකු ලෙස මැලේසියාව, ඉන්දියාව වැනි රටවල් කිහිපයක ද සංචාරය කර ඇත.

බොගම්බර ප්‍රදේශයේ මත්කුඩු ජවාරමේ නිරත ප්‍රධාන කල්ලියක් මඟින් මොහු පැහැරගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved