Connect with us

පුවත්

නුවර – කොළඹ මාර්ගයේ යන අයට දැනුම්දීමක්

Published

on

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබේ.

පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ.

විකල්ප මාර්ග

⚫  කොළඹ සිට නුවර දෙසට හා කුරුණෑගල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන කලගේඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරයට පැමිණ නිට්ටඹුව දෙසට ගමන් කර වමට හැරී කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මිරිගම මාර්ගයට පිවිස, කුරුණෑගල දෙසට ගමන් කරන වාහන වමට හැරී මිරිගම දෙසටත් නුවර දෙසට ගමන් කරන වාහන දකුණට හැරී පස්යාල දෙසටත් ගමන් කළ හැකිය.

  මිරිගම දෙස සිට පැමිණ කොළඹ දෙසට ගමන් කරන වාහන පස්යාල දෙසට පැමිණ මල්ලැහැව හන්දියෙන් දකුණට හැරී වේයන්ගොඩ හරහා කලගේඩිහේන දෙසටත්, කිරිඳවැල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල දෙස සිට නිට්ටඹුව අලෝක සංඥා අසලින් වේයන්ගොඩ දක්වා ගමන් කර කලගෙඩිහේන දෙසට ගමන් කළ හැකිය.

  කටුනායක දෙස සිට කිරිඳවැල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වේයන්ගොඩ නගරය පසුකර වමට ඇති කොට්ටල මාර්ගය ඔස්සේ ගමන් කර මල්ලැහැව හන්දියෙන් දකුණට හැරි පස්යාල හන්දිය හරහා අත්තනගල්ල දෙසට ගමන් කළ හැකිය.

  කිරිඳවැල දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල හන්දියෙන් පස්යාල දෙසට ගමන් කළ හැකිය.

පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙතට

Published

on

By

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

Published

on

By

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.

මහවැලි අධිකාරිය සමග සම්බන්ධ වෙලා ඉන්න ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබා ගත්තා ඔවුන්ගේ ගොවි බිමේ විය යුතු වැඩ මොනවාද කියලා. ගොවි සංවිධාන 1,000කින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා ගොවි බිමේ ඇල වේලී ඉදි කිරීම්, කෘෂි මාර්ග ඉදි කිරීම් සහ වෙනත් ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙන වැඩ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු දැන් සකස් කෙරෙමින් පවතිනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන 1,000කට උපරිමය මිලියනය බැගින් මිලියන 1,000ක් වෙන් කරන්න.

මේකේ විශේෂත්වය තමයි මේක කරන්නේ ගොවි සංවිධානවලින් ඒ මුදල් ගොවි සංවිධාන වෙත ප්‍රදානය කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කටයුතු ඉවර වුණාට පස්සේ මැයි 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ලබා දෙන්න. ගොවිබිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදුවෙනවා”

Continue Reading

පුවත්

ලංගම හිටපු උප සභාපතිට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

සැකකරුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 ප.ව.2.24 )

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved