සියවස් දෙකකට පෙර මෙරටින් නෙදර්ලන්තයට ගෙන ගොස් ඇති කෞතුක භාණ්ඩ 06ක් මෙරටට යළිත් භාරදීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙලෙස යළි මෙරටට ලැබීමට නියමිත වන්නේ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිම කළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණු බවට පැවසෙන කාලතුවක්කුවකි.
වසර් 1765දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති මෙම භාණ්ඩ මේ වන විට නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත.
යටත් විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයකට නෙදර්ලන්ත රජය එළැඹ තිබෙන අතර, ඒ සඳහා කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය පිළිබඳ ස්වාධීන උපදේශක කමිටුවක් ද පත්කර තිබුණු බව බුද්ධශාසන අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
පර්යේෂනයෙන් සිදුකරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ 06 යළි මෙරටට භාර දෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා රාජතාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් එම කමිටුවට ඉදිරිපත් කර තිබුණු බවද එහි දැක්වේ.
මෙම කෞතුක භාණ්ඩ යළි ශ්‍රී ලංකාවට භාරදිය යුතු බවට එම කමිටුව විසින් එරට රජයට නිර්දේශ කර ඇති අතර, ඊට සම්බන්ධ තීරණය අද (ජූලි 06) දිනයේදී ගැසට් නිවේදනයක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව ද එහි දැක්වේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය :