පුවත්

නෙළුම් කුළුණේ කුරුටු ගෑ යුවලට වැඩ වරදී

Published

on

ඊයේ (30) සවස කොළඹ නෙළුම් කුළුන නැරඹීමට ගොස් එහි බිත්තියක් මත කුරුටුගාමින් සිටි තරුණ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහි සිටි ආරක්ෂක අංශ විසින් මෙම යුවළ පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

නෙළුම් කුළුණ පරිශ්‍රයේ අලවා ඇති නිවේදන වල දැක්වෙන්නේ එය රජයේ දේපළක් බවත් එහි කුරුටු ගෑම, චිත්‍ර ඇඳීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්ය.

නෙළුම් කුලුන පෞද්ගලික ආයතනයේ වෙළෙඳ විධායක නිලධාරී බිම්සර රොසයිරෝ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ  මේ හේතුවෙන් නෙළුම් කුලුනේ නඩත්තු කටයුතුවලට විශාල වියදම් දැරීමට සිදුවන බැවින් මහජන මුදලින් ඉදිකර ඇති මෙම දේපළ ආරක්ෂා කරගැනීම ජනතාවගේ වගකීමක් බව‌යි.

Trending

Exit mobile version