Connect with us

පුවත්

නෙළුවට මිලිමීටර් 191.5ක වැස්සක්

Published

on

අද (17) අලුයම 1න් අවසන්වූ පැය 17 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇද හැලී තිබේ.

වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් ය.

එම අගය මිලිමීටර් 191.5 කි.

කළුතර, වලල්ලාවිට ප්‍රදේශයෙන් මිලිමීටර් 177 ක වර්ෂාපතනයක් වාර්තා වන අතර කළුතර ,හොරණ ප්‍රදේශයෙන් මිලිමීටර් 120 වර්ෂාපතනයක් වාර්තා වෙයි.

කොළඹට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 116.5 කි.  

ඇහැලියගොඩ මිලිමීටර් 116 ක් හා ගාල්ල උඩුගමට මිලිමීටර් 115.5 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මීට හේතුවී ඇති බවයි.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එහි දැක්වෙයි.

බස්නාහිර සහ සමබරගමුව පළාත් වලට මෙන්ම , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.  

මේ අතර , පවතින වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ නෙළුව, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහායි.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.  

මාතර දිස්ත්‍රික්කයේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහායි.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved