පුවත්

නොදන්න නිවුස් ගහන්න ගිහින් රූපවාහිනිය ඇනගනියි!

Published

on

ජාතික රූපවාහනියේ ඊයේ (17) රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී කොළඹ නාලන්දා විදුහල හා එහි වත්මන් විදුහල්පතිවරයා වන තිලක් වතුහේවා මහතා ඉලක්ක කර සාවද්‍ය පුවතක් පල කර ඇති බව ආදි නාලන්දීය මාධ්‍ය සංසදය කියා සිටී.

එම සංසදයේ සභාපති අජිත් ගලප්පත්ති මහතා විසින් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යකෂ තිලක් ගමගේ මහතා වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුවත් කර තිබේ.

දැනට පාසල් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන තිලක් වතුහේවා මහතා පසුගිය දා පැවැති ඔබ්සර්වර් – එස්එල්ටී මොබිටෙල් 2022 පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සම්මාන උළෙලේ ඉදිරිපෙළ පුටුවක් නොලැබුණු බැවින් ඔහු එම සම්මාන උළෙල අතරමග නැගිට ගිය බවට රූපවාහිනියේ දහවල් 12.00 හා පස්වරු 6.30 ප්‍රවෘත්ති විකාශවලින් විකාශය කෙරුණි.

කෙසේවුවද, අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ තිලක් වතුහේවා මහතා පාසල් ක්‍රිකට් සංගමයේ කටයුත්තක් සඳහා විදෙස්ගතව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ වතුහේවා මහතා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා භාණ්ඩ ප්‍රධානයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික ඇගයිම් කමිටුවේ සභාපති නලින් අපොන්සු මහතා සමඟ දිල්ලියේ මීරූට් නගරයට ගොස් සිටින බවයි.

ආදි නාලන්දීය මාධ්‍ය සංසදය විසින් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යකෂ තිලක් ගමගේ මහතා වෙත යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.

Trending

Exit mobile version