පුවත්

නොදන්වා පැන යන දොස්තරලාට රතු එළියක්

Published

on

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසූරිය මහතා අවධාරණය කරයි.

අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජේසූරිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය සිකුරාදා දිනයේ සිට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට එම රෝහල තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට මීට පෙර තොරතුරු අනාවරණය විය.

සබැඳි පුවත්

ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය කෝ?

Trending

Exit mobile version