රජය නොමිලයේ බෙදන සහල් තත්ත්වයෙන් බාල වීම සහ මුදලට ලබා දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, සතියක් තුළ පරීක්ෂණ වාර්තාවන් ලබාදෙන ලෙසට අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
එමෙන් ම, මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවා ද යන්න සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවීමට ද එම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වයෙන් බාල සහල් බෙදා දී ඇතැයි ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් මුදලට විකුණා ඇතයි ද මහජනතාවගෙන් චෝදනා එල්ල වී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන ලෙසට අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න වෙත උපදෙස් ලබාදී ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන් කළේ ය.
(Mawbima.lk)