පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳ වැටෙයි

Published

on

නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය අද (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

මේ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ද නිවේදනයේ දැක්වේ.

Trending

Exit mobile version