වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු සහ නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමග ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි.
දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් ස්වයං පරීක්ෂණ කට්ටල ලබා ගත හැකි අතර සායන සඳහා පැමිණිමට අකමැති පිරිස්වලට know4sure.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීම මගින් මෙම ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.