පුවත්

නොවෙනස් සංචාරක ප්‍රතිපත්තියක් ළඟදිම – හරීන්

Published

on

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වනවිට වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වනවිට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඉදිරි සති දෙක තුළ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, මෙරට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ප්‍රධාන ප්‍රවේශයක් ලෙස පෙන්වා දිය හැකි බවයි.

මෙරට සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථානවල පවතින තදබදය අඩු කිරීමට ඉදිරියේ දී වැඩපිළිවෙළක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සංචාරකයන්ගේ පහසුව සඳහා ජංගම දුරකතන යෙදවුමක් මෙන්ම විදෙස් සංචාරකයන්ට මුහුණදීමට සිදුවන විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි බව අමාත්‍යවරයා පැවසීය.

Trending

Exit mobile version