පුවත්

නෝටර්න්බ්‍රිජ් බස් අනතුරෙන් සිදුවූ මරණ ගණන ඉහළ යයි

Published

on

ඊයේ (19) රාත්‍රියේ නෝටර්න්බ්‍රිජ් – දියගල මාර්ගයේ හැටන් හුලංවංගුව ප්‍රදේශයේදී බස් රථයක් අඩි 100 ක පමණ ප්‍රාපතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරින් සිදුවූ මරණ ගණන ඉහළ ගොස් තිබේ.

බස් රථ අනතුරෙන් 26 දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව සිටි අතර, එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වුණි.

ඒ අනුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලීසිය එක්ව බස් රථය පරීක්ෂා කිරීමේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර බස් රථයට යට වී තිබියදී හමුව තිබේ.

ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙලෙස අනතුරට ලක්වී තිබුණේ ශ්‍රීපාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයකි. ඔවුන් මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් බව පැවසේ.

තුවාලකරුවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

(ඡායා : Accident1st)

Trending

Exit mobile version