Connect with us

පුවත්

පක්ෂ කාර්යාලවලට මැතිවරණ කොමිසමෙන් උපදෙසක්

Published

on

ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපය ඡන්ද සලකුණ පමණක් බවද ඔහු කිය සිටියේය.

ඔහු සඳහන් කළේ, එලෙස ඉදිකර තිබෙන තාවකාලික කාර්යාලවල ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව ආසන සංවිධායකවරුන් ඇතුළු වෙනත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවය.

මැතිවරණ කොට්ඨාස 160 ක් තුළ ඡන්ද කොට්ඨාස 13134 ක සහ මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක් දිස්ත්‍රික් එක් කාර්යාලයක් වශයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයන් 39 දෙනා සදහා කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved