Connect with us

පුවත්

පක්ෂ 5කට තහනමක්

Published

on

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සමහර දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කිහිප දෙනෙක් සිටින බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු එම නියෝජිතයන් කැඳවා පසුගියදා සාකච්ඡා කළ නමුත් ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟත්වයට නොපැමිණීම හේතුවෙන් කොමිසම මෙම තීරණය ගත් බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අධිකරණය හරහා හෝ ගැටලුව නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස එම පක්ෂ පහේ නියෝජිතයන්ට අනතුරුව දැනුම් දුන් බවය.

මෙම පක්ෂ 5 සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය කාලයේදී පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.

මේ අතර, දේශපාලන පක්ෂ 15ක පමණ ලකුණු මාරු කිරීම් සහ නම් මාරු කිරීම් සම්බන්ධ ගැටලු පසුගිය දිනවල එම පක්ෂ නියෝජිතයන් කැඳවා විසඳු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

පුවත්

මහනුවරට මහ වැසි

Published

on

By

මහනුවර ප්‍රදේශයට අද සවස සිට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින වර්ෂාපතනය නොතකා විශාල පිරිසක් දළඳා වන්දනාව වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටින බව සඳහන් වේ.

අද සිරි දළඳා දැක්මේ 08වැනි දිනයයි.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු හා උතුරුමැද පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉහත ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වෙන ලෙස ද  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Published

on

By

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා ලබන 30 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) අවසර ලබා දෙන ලදී.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved