Connect with us

පුවත්

පඩිය ලක්ෂ 12යි; කොරියාවේ යන්න පුහුණුවට කට්ටිය නැහැ

Published

on

වෑද්දුන් කාර්මික ශිල්පියකුට දකුණු කොරියාවේ රුපියල් ලක්ෂ 12 ක මුදලක් හිමි වෙතත් දැනට ආරම්භ කර ඇති පාඨමාලා අධ්‍යයනයට ප්‍රමාණවත් පරිදි සිසුන් ඇතුළත් නොවන බව ඔරුගොඩවත්ත, කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ භාතිය අමරනාත මහතා කියයි.

මෙම පාඨමාලාව ඇතුළු ආයතනය විසින් පූර්ණ කාලීනව පවත්වන සියලුම පාඨමාලා නොමිලයේ පවත්වනු ලැබේ.

වෑල්ඩින් ශිල්පීන් පිළිබඳව සමාජයේ ඇති ආකල්ප සහ එවැනි රැකියාවකට යමෙක් යොමුවන්නේ අධ්‍යාපන මට්ටමෙන් පහළ සිටින නිසා බැවින් යැයි බොහෝ දෙනා සිතන බැවින් දෙමාපියන් පවා මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට දරුවන් යොමු නොකරන බවද ඔහු මාධ්‍යට පවසා ඇත.

එම මතය තම ආයතනය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ලංකාවෙන් පළමු වරට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 5) සපුරා මෙම වෑල්ඩින් කාර්මික පාඨමාලාව හදාරා නිම කළ වෘත්තීයමය සුදුසුකම් ඇති 150 දෙනකු ඉදිරි දින කිහිපය තුළ කොරියාවට පිටත් කර යවන බව සහකාර අධ්‍යක්ෂවරයා කියයි.

ඔවුන්ට එහිදී රුපියල් ලක්ෂ දොළහක වැටුපක් ලබාදෙන බවට මේ වන විට අදාළ කොරියානු සමාගම් ගිවිසුම්ගතව ඇති බවද පැවසේ.

මෙම පූර්ණකාලීන වෑල්ඩින් පාඨමාලාව ආරම්භ කළ 2019 වසරේදී එය හැදෑරීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ දිවයිනෙන්ම සිසුන් 12 ක් පමණි.

එමෙන්ම මෙම වසරේ ද මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ ඇත්තේ සිසුන් 16 දෙනකු පමණි.

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved