පුවත්

පඩි වැඩිකරගත් මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට 

Published

on

70%කින් වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මහ බැංකු මුදල් මණ්ඩලය කැඳවා ප්‍රශ්න කිරීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එලෙස වැටුප් වැඩි කරගැනීම නීති විරෝධී බව අනාවරණය වීමෙන් පසුවය.

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වැටුප් වැඩි කරගැනීමට අදාළව මහ බැංකු පනත් කෙටුම්පතේ පැවති වගන්තිය එය සම්මත කරන අවස්ථාවේ ඉවත් කර තිබෙන හෙයින් වැටුප් වැඩි කිරීමට පෙර මහ බැංකුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතු බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා ‘සති අග අරුණ’ ට පවසා ඇත. 

ඒ අනුව මෙම වැටුප් වැඩි කරගැනීම නීතිවිරෝධී යැයිද සභාපතිවරයා පවසා තිබේ.

වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය කාරක සභාවකට කැඳවා ප්‍රශ්න කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවට පවතින අයිතිය අනුව කටයුතු කිරීම ගැටලුවක් නොවන බවයි.

Trending

Exit mobile version