Connect with us

පුවත්

පඩි වැඩි කරන්න. රනිල් කියයි

Published

on

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) පැවති වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදීය.

තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළයුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා :

” අප රජය විසින් රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ නීත්‍යානුකූල භාවය ගැන මා කරුණු පැහැදිලි කරන්නට මා සිතුවා.රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප ගනු ලැබූ කැබිනට් තීරණය ගැන පැහැදිලි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 43 වගන්තිය යටතේ එම කාර්ය කර තිබෙනවා. අප එම වේතන වැඩිවීම සිදු කළේ සියලු‍ රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි. එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණයි. 2022 වසර වන විට ජනතාවගේ වේතන වල වටිනාකම 50%කින් අඩු වුණා. ඔවුන් ජිවත් වුණේ අමාරුවෙන්. ඔවුන්ට ණය වෙන්නට සිදු වුණා.සමහර අයට දේපොළ විකුනන්නට සිදුවුණා.මා පාලනය බාර ගත් මුල් යුගයේදී ඔවුන්ට සහනයක් දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. මා එය රටට ප්‍රකාශ කළා. සමහරු විසි දහසකින් පඩි වැඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.


එමෙන්ම මේ වැටුප් වැඩිවීම ලබා දීමේදී මා සලකා බැලූ තවත් කාරණයක් තිබෙනවා. ඒ අපගේ රාජ්‍ය ආදායම සියයට දොළහේ සිට ලබන වසර වන විට 13%ක් කිරීමට අවශ්‍ය බවයි.මා ඒ අනුව මේ වැටුප් වැඩිවීම අනුමත කර තිබෙනවා.අදාල වේතන වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. මුදල් නැතැයි කියනවා නම් ඒක පුදුම කතාවක්. එලෙස පඩි වැඩි කිරීමට තිබූ මුදල් කොහිදැයි ආණ්ඩුව විස්තර කළ යුතුයි.මේ පඩි වැඩි වීම කල් දාන්න එපා.මොකද ජනතාවට ජීවත් වන්නට හැකියාවක් නැහැ. මාලිමාව දුන්න පොරොන්දු ඉටු කරන්න බැරි නම් අප දුන්න පොරොන්දු හරි ඉටු කරන්න.
මේ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කළ යුතුයි.මගේ අදහස තිබුණේ මා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් දෙසැම්බර් මාසයේදී හෝ ජනවාරි මාසයේ මුල් සති දෙකේදී මෙම වැටුප් වැඩිවීම සම්මත කොට ජනවාරි අවසානයේ වැටුප ලබාදීමටයි. දැන් මේ වැටුප් වැඩිවීම ලබාදීම කල් දාන්න උත්සාහ කරන්න එපා”

පුවත්

ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල

Published

on

By

ඊශ්‍රායලයේ බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

ඔහු මෙම තොරතුරු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් මගින් සදහන් කර ඇත.

තුවාල ලැබූ තරුණයා අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විමුක්ති මධුසංඛ ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු ඉදිකිරීම් කටයුතු සඳහා ඊශ්‍රායලයට පැමිණ සිටියේය.

ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටින බව තානාපති බණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.

තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය විසිහතර පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රහාරයෙන් පීඩාවට පත් ඕනෑම අයෙකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කළේය.

Continue Reading

පුවත්

දඹුල්ල ප්‍රා සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published

on

By

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල
04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
 යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Continue Reading

පුවත්

මෙය අවසාන IMF වැඩසටහන බවට පත්කර ගැනීම අපේක්ෂාවයි (වීඩියෝ)

Published

on

By

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බවයි.

“අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහනට ආපු අවසන් වැඩසටහන බවට පත්කර ගැනීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා. 2028 වෙනකොට අප ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ  ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තියෙනවා.“

වීඩියෝ – CBSL

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved