Connect with us

පුවත්

පඩි වැඩි කරලත් සෞඛ්‍ය ‍වෘත්තිකයන් කරන වැඩවර්ජන අනුමත කරන්න බෑ – ජනපති

Published

on

වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදා ගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කර ගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙවර අයවැයෙන් ආකාර 06ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා,   මූලික වැටුප අවම වශයෙන් රු.15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදු කර ඇති බවද කියා සිටියේය.

මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකයේ පැසසුමට ලක්වන බවත් ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බවත් ජනාධිපතිවරයාට පැවසූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු, වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලුද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ  රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දිවයින පුරා දන්සැල් 8,000කට වැඩි සංඛ්‍යාවක්

Published

on

By

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගනී

Published

on

By

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන විරාට් කෝලි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

36 හැවිරිදි ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර වසර 14ක වෘත්තීය ජිවිතය නිමා කරන බවයි ඔහු පවසා ඇත.

විරාත් කෝලි 2011 සිට 2025 දක්වා දිවෙන වසර 14 ගැන සටහනක්ද තබා තිබේ.

ලීඩ්ස් හි හෙඩින්ග්ලි හිදී ජුනි මස 20 වනදා ආරම්භ වීමට නියමිත් ඉන්දියා – එංගලන්ත තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට පෙර ඔහු මේ බව නිවේදනය කර ඇත.

විරාත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන පහතින්.,

”ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මම මුලින්ම නිල් පැහැති ඇදුමක් ඇදගෙන වසර 14ක් ගත වී ඇත.අවංකවම, මෙම ආකෘතිය මා රැගෙන යන ගමන මා කිසි විටෙකත් සිතුවේ නැත.එය මාව පරික්ෂා කළා.මාව හැඩ ගැස්වූවා,සහ මම ජීවිතය සඳහා ගෙන යන පාඩම් මට ඉගැන්නුවා,සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන ගැඹුරින් පෞද්ගලිකව දෙයක් තියනවා.නිහඬ ඇඹරීම, දිගු දින, කිසිවෙකු නොදකින කුඩා අවස්ථා ඔබ සමඟ සදහටම පවතිනු ඇත.මම මේ ආකෘතියෙන් ඉවත් වන විට , එය පහසු නැත – නමුත් එය නිවැරදි යයි හැඟේ.මා සතුව තිබු සියල්ල මම එයට ලබා දී ඇත්තෙමි.එය මට බලාපොරොත්තු වුවාට වඩා බොහෝ දේ ආපසු ලබා දී ඇත., මම කෘතඥතාවයෙන් පිරුණු හදවතකින් පිටත් වනවා – ක්‍රීඩාව වෙනුවෙන් මා පිටිය බෙදා ගත් පුද්ගලයින් වෙනුවෙන් සහ මඟ දිගේ මාව දැක ඇති බව හැඟවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම . මම සැමවිටම මගේ ටෙස්ට් ජිවිතය දෙස සිනහවකින් ආපසු හැරී බලමි.” 

Continue Reading

පුවත්

අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක්…

Published

on

By

කොළඹ බෞද්ධාලෝක මාවත, කොළඹ ගංගාරාම, කොළඹ මහ නගර සභාව, බේබෲක් හි, ලේක්හවුස්, ජනාධිපති කාර්යාල අසල, අගමැති කාර්යාලය අසල වෙසක් කලාප රැසක් අද සිට ක්‍රියාත්මක වේ.

කොළඹ නගරයේ වෙසක් බැලීමට පැමිණීමේදී ගමන්මලු රැගෙන ඒමෙන් වළකින ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම නළා නාද කිරීමෙන් සහ ඔලුබක්කන් නැටීමෙන් වළකින ලෙසත්, එවැනි විකාර ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට නියෝග කර ඇති බවත් ඒ මහතා කීය.

නගරය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කිරීමට රථවාහන විමර්ශන නිලධාරීන් සුදානමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මේ අතර, කොළඹ නගරයේ සහ ඒ ආසන්න නගරවල වෙසක් තොරණ 25ක් අද සිට පුරා සතියක් ප්‍රදර්ශනය කෙරේ.

  • ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස්හන්දිය, 
  • ඔරුගොඩවත්ත, 
  • තොටළඟ 
  • දෙමටගොඩ 
  • බොරැල්ල තොරණ 
  • කැම්බල් පිටියේ ද 
  • කැලණිය පොලිස් වසමේ කැලණි රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් තොරණ 3ක් ද 
  • පිටකොටුව බෝධිය අසල තොරණක් 
  • පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ
  • පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ 
  • වැලිකඩ නගරයේ තොරණක්
  • මහරගම නගරයේ තොරණක් 
  • කොට්ටාව නගරයේ තොරණක් ද 
  • හෝමාගම නගරයේ තොරණක් ද 
  • දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද 
  • බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද 
  • පිළියන්දල නගරයේ තොරණක් ද 
  • කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද 
  • මොරටුව නගරයේ තොරණ 3ක් ද 
  • අතුරුගිරිය නගරයේ තොරණක් ද 
  • මාලබේ නගරයේ තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved