පුවත්

“පත්වීම් ගත්ත අයට වෙන්නේ ඒවා පුච්චලා නළලේ අළු ගාගන්න”

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් පසුගියදා ලබාදුන් නිදහස් පක්ෂ පත්වීම් නීතිවිරෝධී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ පත්වීම් කිසිදු ආකාරයකින් වලංගු නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මැතිවරණය පිළිබඳ තවම නිල නිවේදනයක් නෑ. නිල නිවේදනයක් නිකුත් වුණාම අපි දේශපාලන පක්ෂයක් වගේම අපේ මතය රටේ ජනතාව තුළ ගෙනයන්න සඳහා අපි විශාල වැඩ කොටසක් කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක මීට කලිනුත් බණ්ඩාරණායක මැතිණිය ප්‍රජා අයිතිය අහෝසි කරාට පස්සේ පක්ෂ තුනක් හැදුණා. මේ පක්ෂයේ එක්තරා කණ්ඩායමක්, කල්ලියක් මේ පක්ෂය විනාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් ගෙන යනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. පහුගිය කාලේ දුන්න පත්වීම්, රැස්වීම් කැඳවීම් එහෙම සම්පූර්ණයෙන් ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාරාත්මක නැහැ ඒ පත්වීම් ගන්න අයට වෙන්නේ පත්වීම් පුච්චලා නළලේ අලු ගාගන්න.”

Trending

Exit mobile version