පුවත්

පදක්කම් පක්ෂයට බෙලි හිඟයක්!

Published

on

පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි සර්වජන බලය පක්ෂය විසින් 2025 පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් තරගවැඳීමට අපේක්ෂකයන් සොයා පුවත්පත් දැන්වීම් පල කර තිබේ.

අපේක්ෂක අයැදුම්පත් 2025 ජනවාර් 31ට පෙර යොමුකරන ලෙසද දක්වා ඇත.

මේවන විට දැනට පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්ව සිටින සමගි ජනබලවේගය හා කළක් මෙරට ප්‍රධාන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල නායකයන්ට කිට්ටු දෙදෙනකු විසින් අරක්ගෙන සිටීම නිසා අදාළ පක්ෂ සාමාජිකයන් හා ප්‍රධානීන් ඉන් ඉවත්ව යාම වළක්වා ගැනීමේ විශාල ගැටලුවකට මුහුණ දී සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා හේතුවෙන් එම පක්ෂ ප්‍රතිසංස්කරණ කටයුතු පවත්වා ගැනීම මේවන විට විශාල ලෙස අභියෝගයක් වී ඇතැයි ද එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පුවත්පත්වල පලකර ඇති දැන්වීම පහතින්.

සබැඳි පුවත්

Trending

Exit mobile version