පුවත්

පනත් කෙටුම්පත් 2කට කථානායකවරයාගේ අත්සන

Published

on

පසුගිය 19දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන), යන පනත් කෙටුම්පත් ද්විත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (31) සිය සහතිකය සටහන් කළේය.

මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් ද්විත්වය 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනත සහ 2022 අංක 32 දරන ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත ලෙස 2022 ඔක්තෝබර් 31 දින සිට බලාත්මක වේ.

Trending

Exit mobile version